තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආහාර -බෙහෙත් -පොහොර ගෙන්වන්න ලෝක බැංකුවෙන් ඩොලර් මි. 400ක පහසුකමක්

    ආහාර -බෙහෙත් -පොහොර ගෙන්වන්න ලෝක බැංකුවෙන් ඩොලර් මි. 400ක පහසුකමක්

    මෙරට අත්‍යවශ්‍ය ආනයනවලට අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ලබා දෙන බව ලෝක බැංකුව පවසයි.

    ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මේ බව ප්‍රකාශයට පත්කර ඇත.

    ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ සහ අපනයනවලින් 30% කට වැඩි ප්‍රමාණයක් සමඟ කටයුතු කරන පුද්ගලික බැංකු තුනකට මෙම අරමුදල් සැපයීමේ පහසුකම ලැබෙනු ඇතැයි IFC අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    ඒ අනුව බෙහෙත්, ආහාර සහ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් සැපයීම වෙනුවෙන් මෙම මුල්‍ය හුවමාරු පහසුකම හිමිවනු ඇත.

    දශක හතකට වැඩි කාලයක් තුළ ඇති වූ දරුණුතම මූල්‍ය අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාවට මෙම අරමුදල්, දැඩි ඩොලර් හිඟයක් හේතුවෙන් බෙහෙවින් අවශ්‍ය විදේශ විනිමය පහසුවක් වනු ඇත.

    “මෙම මූල්‍යකරණය මඟින් ආයෝජක ප්‍රජාව තුළ විශ්වාසය ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකා ආර්ථිකයට සහාය වීම සඳහා නැවුම් ප්‍රාග්ධන ගලා ඒම ආකර්ෂණය කර ගැනීමටත් අපි අපේක්ෂා කරමු.” යැයි දකුණු ආසියාව සඳහා වන මූල්‍ය ආයතන සමූහයේ, IFC හි මුල්‍ය කොටස් කළමණාකරු ජූන් යං පාර්ක් පැවසීය.

    ලෝක බැංකු දත්තවලට අනුව මෙරට ආර්ථිකය 2022 දී 9.2% කින් හැකිලෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර 2023 දී තවත් 4.2% කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img