පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනි දා නොපැවත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේය.
පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු ඊට හේතු වූ බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
අද පැවති රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇත.