තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ඒජන්තවරයෙකු වගේ ඉඳන් ලක්ෂ ගණන් සල්ලි ගරලා

    ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ඒජන්තවරයෙකු වගේ ඉඳන් ලක්ෂ ගණන් සල්ලි ගරලා

    මෙරට ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශන සමාගමක ඒජන්තවරයෙකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් රවටා රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    දිවයිනේ ප්‍රකට පොත් සමාගම්වල මුද්‍රණය කරන පොත් සහ පාසල් උපකරණ බෙදාහරින බවටත් ඒවා අලෙවි කරන ව්‍යාපාරිකයින්ට දිරි දීමනා සහ විශාල කොමිස් මුදල් ලබාදෙන බවටත් පවසා එම පුද්ගලයා ඉකුත් දිනවල බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ම රවටා ඇතැයිද ඔවුන් බදුල්ල පොලීසියට කළ පැමිණිලිවල සඳහන් වේ.

    පොත් අලෙවි කිරිම සඳහා ව්‍යාපාරික ස්ථානයේ දැන්වීම් පුවරුවක් කර දීමට රුපියල් පන්දහසක් ද ඡායා පිටපත් යන්ත්‍රයක් සහ රීලෝඩ් යන්ත්‍රයක් ලබා දීමට තවත් රුපියල් පන්දහසක් ආදී වශයෙන් ඔහු එම ව්‍යාපාරිකයින්ගෙන් ලබාගෙන ඇතැයි ද පොලීසිය කියයි.

    මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් ජංගම දුරකථන අංක වෙනස් කරමින් විවිධ මට්ටමේ ව්‍යාපාරිකයින් රවටමින් ඔවුන්ගේ මුදල් වංචා කර තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.

    කොළඹ ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන සමාගමක් ද මෙම පුද්ගලයාට එරෙහිව බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img