ලබන සඳුදා වනවිට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරිමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා වන චක්‍රලේඛයකි.
පාසල් නිල ඇඳුම් බෙදා දීමේ උත්සවයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ කල්ගොස් පැවති උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන් 19,000කගේ අවශ්‍යතාවක් පවතින බවයි.
ඒ සඳහා ඉල්ලුම් කර ඇති ගුරුවරුන් 15,000ක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා මේ වනවිටත් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව නව චක්‍රෙල්ඛයට අනුව වෘත්තීය සංගම් උසස් පෙළ ලියූ දරුවන් ගැන සිතා සිය ප්‍රවීණ ගුරුවර ගුරුවරියන් උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.