තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික සම්මානෙටත් පනතක්

    ජාතික සම්මානෙටත් පනතක්

    අවිධිමත් ලෙස විවිධ ආයතන මගින් ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

    විශිෂ්ට ලෙස ඇගයිය යුතු තැනැත්තන් වෙත රජය මගින් නිශ්චිත ක්‍රමවේදයට අනුව ලබාදෙන සම්මානවලට අමතරව, විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයන් ද එම ජාතික සම්මානවලට සමාන නමකින් යුත් සම්මාන ප්‍රදානය කිරීමේ ඉඩකඩ වළක්වාමින්, ආණ්ඩුව පිරිනමන සම්මාන වඩා ගෞරවාන්විතව පිරිනැමීම මෙහි අරමුණ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

    එමෙන්ම ගැසට් නිවේදනවල දක්වා ඇති පටිපාටීන්ට අනුගතව අයදුම්පත් කැඳවා, විධිමත් පටිපාටීන්ට අනුව තෝරාගන්නා සුදුස්සන් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිය යුතු බවටද ඇමති මණ්ඩලය තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img