රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය මාසයේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
රජයේ රෝහල් පද්ධතිය තුළ ඉහළ පහසුකම් වලින් සමන්විත ගෙවන වාට්ටු ස්ථාපිත කර ඒවාට සාධාරණ මිලක් අය කරන බව ද රඹුක්වැල්ල මහතා කීය.
ගෙවන වාට්ටු ස්ථාපිත කිරීමට ආයෝජකයින් හතරදෙනකු දැනටමත් ඉදිරිපත්ව සිටින බව ද මුලදී ඇඳන් 100කින් සමන්විත ගෙවන වාට්ටු කිහිපයක් ස්ථාපිත කරන බවද රඹුක්වැල්ල මහතා කීය.
රටේ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලබා ලබාගැනිමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව 30%කින් පමණ වැඩිවී ඇතැයි ද සෞඛ්‍ය ඇමතිවරයා කීය.