තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට රෑ 7ට රටම අඳුරට!

    හෙට රෑ 7ට රටම අඳුරට!

    හෙට(20) රාත්‍රී 7ට සියලු විදුලි පහන් නිමා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රටපුරා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ පසුගියදා සිදුකළ විදුලිබිල වැඩි කිරීමට එරෙහිව විරෝධය දැක්වීමක් ලෙසයි.

    “හෙට දවස තුළ දී පස්වරු 7ට ඔබේ නිවසේ විදුලි පද්ධතිය ටිප් ස්විච්චයෙන්ම නිවන්න. විදුලි පහන්, උපකරණ භාවිතය අත්හරින්න. පද්ධතියෙන් ඉවත් වෙන්න. ඒ බලපෑම සංකේතවත්ව අපි ජනගත කරමු.” යැයි මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග මහතා කීය.

    මේ අතර ඊයේත් ප්‍රදේශ කිහිපයකදි වැඩිවූ විදුලි බිල සංශෝධනය කරන්නැයි ඉල්ලමින් විරෝධතා පවත්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img