තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලැගුම්හලකට කඩාවැදී ගණිකාවක් ඉල්ලා යකානැටූ කොස්තාපල් ඇතුළු දෙකක් අත්අඩංගුවට

    ලැගුම්හලකට කඩාවැදී ගණිකාවක් ඉල්ලා යකානැටූ කොස්තාපල් ඇතුළු දෙකක් අත්අඩංගුවට

    කන්තලේ බණ්ඩාරනායක මාවතේ පිහිටි ලැගුම්හලකට ගොස් ගණිකාවක් ඉල්ලා යකා නටා එහි හිමිකරුට සහ සේවකයෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයෙකුව සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුව කන්තලේ පොලීසියේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    ඒ දින තුනක් පුරාවට පළාගොස් සැඟවී සිටි ඔවුන් තිදෙනා කන්තලේ පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් අනතුරුවය.

    මෙම පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් දකුණු දිසා රථවාහන අංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙකි.

    සතියක නිවාඩුවක් ලැබ අග්බෝපුර තල්ගස්වැව පිහිටි නිවසට ගොස් සිටියදී මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 14 වෙනිදාය. මත්පැන් පානයකර යතුරුපැදියක නැගී තිදෙනාම මෙම ලැගුම්හලට ගොස් ගණිකාවක් ගෙන්වා දෙන ලෙස පවසමින් කලහාකාරී ලෙස හැසිරී ඇති බවත් එහිදී එම ලැගුම්හලේ හිමිකරු පැමිණ මෙහි ගණිකාවන් අලෙවිනොකරන බව පැවසීමත් සමඟ ඔහුට සහ සේවකයාට පහරදී ඇති බවත් පොලීසිය කියයි.

    තුවාල ලැබූ ලැගුම්හල් හිමිකරු කන්තලේ රෝහලට ඇතුලත්කර තිබුණි. මෙම සිදුවීමෙන් පසු පොලීසියට කට්ටිපනිමින් සිටි මොවුන් තිදෙනා අද පොලීසියට භාරවන්නේ ලැගුම්හල් හිමිකරු රෝහලින් පිටව යාමත් සමගිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img