තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර ගෙන්වන්න අවසර - බේකරිවලට විතරයි

    බිත්තර ගෙන්වන්න අවසර – බේකරිවලට විතරයි

    බිත්තර ආනයනයට අවසර ලබාදී ඇති බවත් බේකරි කර්මාන්තය සඳහා පමණක් ඒවා භාවිත කළ යුතු බව.් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (16) සාකච්ඡාවක් පැවැත්විය.

    ආනයනික බිත්තර සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළෙඳසැල්වල අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

    එම පියවර ගෙන ඇත්තේ කුරුළු උණ ශ්‍රී ලංකාවට ඇතුළුවීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිවය.

    එමෙන්ම බේකරි කර්මාන්තය තුළ එම බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙසත් අමාත්‍යවරයා එම සාකච්ඡාවේ දී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව බේකරි කර්මාන්තය තුළ එම බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීමටත්, බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදුකළ යුතු බවටත්, ඉතිරි වන බිත්තර කටු කිසිසේත්ම පරිසරයට මුදා නොහැරීමට වග බලා ගන්නා ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img