තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකානු සහකාර ආරක්‍ෂක ලේකම් ශ්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන් හමුවෙයි

    අමෙරිකානු සහකාර ආරක්‍ෂක ලේකම් ශ්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන් හමුවෙයි

    ඉන්දු පැසිෆික් ආරක්‍ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්‍ෂක ලේකම් ජෙඩිඩිය පී රොයල් ප්‍රමුඛ නියෝජිත පිරිස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ. 16) අවස්ථා දෙකකදී හමුවිය.

    එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් සමඟින් කොළඹ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

    මෙම අවස්ථාවේදී පැවති සාකච්ඡාවේදී එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි.

    එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා, එක්සත් ජනපද දකුණු ආසියානු කලාපීය නිලධාරි ලුතිනන් කර්නල් ක්‍රිස්ටියන් මිචෙල්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ( ආරක්‍ෂක ) හර්ෂ විතානාරච්චි මහතා ඇතුලු නිලධාරීන් මෙම හමුවට එක්ව සිටියහ.

    අද ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයට පැමිණි ඇමෙරිකානු නියෝජිත පිරිස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ද හමුවිය.

    උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ආරක්ෂක ලේකම්වරයා එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් සමඟ සුහද සාකච්ඡාවක් නිරත වූ අතර, දෙරට අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා සිහිපත් කෙරුනු අතර ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ කලාපීය ආරක්ෂක ස්ථාවරත්වය වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img