තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු - ඉඳිආප්ප වට්ටි ආදිය ජුනි මාසයේ සිට තහනම්

    ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු – ඉඳිආප්ප වට්ටි ආදිය ජුනි මාසයේ සිට තහනම්

    ප්ලාස්ටික්/ පොලිතීන් නිෂ්පාදන වර්ග 7ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ලබන ජුනි 01 වැනිදා සිට තහනම් කෙරේ.

    ඒ අනුව එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි ඇතුළුව වරක් භාවිත කර ඉවත ලන පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර), හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල් මාලා සහ ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳිආප්ප වට්ටි මෙලෙස තහනම් කෙරෙනු ඇත.

    වරක් භාවිත කර ඉවත ලන (Single use) ප්ලාස්ටික් / පොලිතීන් නිෂ්පාදන 07ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර සාකච්ඡාවට ගනු ලැබීය.

    එම යෝජනා පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කරන ලදී.

    එකී විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මඟින් නිර්දේශිත පරිදි ඉහත කී ප්ලාස්ටික් නිෂ්පාදන ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය අදාළ දින සිට තහනම් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වරක් භාවිත කර ඉවත ලන (Single use) ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීම උදෙසා මෙම පියවර ගැනේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img