තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔනේෂ් ඝාතනයේ රහස් සොයා කොළඹ-7 නිවස දැඩි සෝදිසියකට

    ඔනේෂ් ඝාතනයේ රහස් සොයා කොළඹ-7 නිවස දැඩි සෝදිසියකට

    ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඔනේෂ් සුබසිංහ මහතාව ඉන්දුනීසියාවේදී ඝාතනයක මෙරටදී කළ සැළසුමකට අනුව සිදුවී ඇතැයි සැකකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතා සිය බිරිඳ හා දියණිය සමඟ පදිංචිව සිටි වෝර් ඩ් පෙදෙසේ පිහිටි නිවස අද දැඩි පරීක්ෂාවකට ලක්කර තිබේ.

    අපරාධ ස්ථාන පරීක්ෂානාගාර (සොකෝ) නිලධාරීන් මෙන්ම ඇගිලි සලකුණු විශේෂඥයන්ද ඒ සඳහා සහභාගිවී සිට ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ඇගිලි සලකුණු වලට අමතරව මෙම ඝාතනයට සම්බන්ධ බව පෙනී ගොස් ඇති ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳගේ බ්‍රසීල ජාතික මිතුරියගේ ජෛව සාම්පල් හදුනාගෙන එය ඩී.එන්.ඒ විමර්ශනයක් සඳහා යොමු කිරීමටද පියවර ගන්නා බවය.

    මෙසේ ඇය සම්බන්ධයෙන් මෙන්ම ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිඳ සම්බන්ධයෙන්ද විමර්ශනයක් පැවැත්වෙන බවද එම නිලධාරියා පැවසීය.

    ඉදිරියේදී ජාතන්තර පොලීසිය මගින් මෙම විමර්ශන කටයුත්තට ඉන්දුනීසියා මෙන්ම බ්‍රසීල පොලීසියේද සහය ලබා ගැනීමට සිදුවන බැවින් මෙම දත්ත රැස්කිරීමක් සිදු කළ බව ද එම නිලදාරියා කීය.

    මෙතෙක් කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ මෙම ඝාතනය බ්‍රසීල ජාතික ඔහුගේ බිරිඳගේ සහ බ්‍රසිල් ජාතික ඇගේ සහයිකාවගේ සැළසුමකට අනුව සිදුව ඇති බවය.

    ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳගේ බ්‍රසීල ජාතික සහයිකාව පෙනී සිට ඇත්තේ ඇය එරට හෙදියක් බවය.

    මෙම කාන්තාව බ්‍රසීලයේ සිට මෙරටට පැමිණ ඇත්තේ මාස තුනකට පමණ පෙර බවත් ඇය පැමිණ ඇත්තේම මෙම අපරාධයට සූදානමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img