පළාත් පාලන මැතිවරණයට අදාලව පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියළුම දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ නියෝජිතයන් අතර හමුවක් ලබන අඟහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණයකර තිබේ.
ඒ අනුව සියළුම දේශපාලන පක්ෂවලට මේ බව දැනුම්දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.