තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඔනේෂ් ඝාතන විමර්ශනයට සී.අයි.ඩී. කණ්ඩායමක් ඉන්දුනීසියාවට?

    ඔනේෂ් ඝාතන විමර්ශනයට සී.අයි.ඩී. කණ්ඩායමක් ඉන්දුනීසියාවට?

    කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ ජාකර්තා හී තට්ටු නිවාස සංකීරණයකදී අභිරහස් ලෙස ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට යාමට නියමිතව ඇත.

    මෙම ඝාතනය පසුගිය 02 දා සිදුවී ඇත. මෙම ඝාතනයෙන් පසු ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ සහයිකාව බව කියන බ්‍රසීල ජාතික කාන්නාව සිව් හැවිරිදි දියණියද රැගෙන කටාර් බලා පලාගොස් ඇති බව ජාකර්තා පොලිස් විමර්ශන තොරතුරු අනාවරණය කරයි.

    පසුගිය ජනවාරි 20 වෙනිදා නිවාඩුවක් ගත කිරීමට ඔනේෂ් සිය බිරිඳ , දියණිය සහ බිරිඳගේ සහයිකාව සමඟ ඉන්දුනීසියාවට ගොස් ඇති බව කියයි.

    මෙම ඝාතනය සැළසුම් සහගතව සිදුකර ඇති බවත් මෙම ඝාතනය බොහෝ විට සිදුකර ඇත්තේ ඔනේෂ් මහතාගේ බිරිඳගේ සහයිකාව බව පෙනී යන්නේ යැයි මේ ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

    මෙම අපරාධය ඉන්දුනීසියාවේ සිදුවූවත් මෙම ඝාතනයේ සැළසුමේ පෙර සූදානම ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බව පෙනී යන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන විමර්ශනයක් ආරම්භකර ඇත්තේ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මතය. ඒ අනුව ඉදිරි විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලීසියේද සහය ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img