තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බලධාරීන්ට එරෙහිව මානව හිමිකම් - උප‍යෝගීතා කොමිෂන්වල ඉල්ලීම් උසාවියෙන් විසිවෙයි

    විදුලි බලධාරීන්ට එරෙහිව මානව හිමිකම් – උප‍යෝගීතා කොමිෂන්වල ඉල්ලීම් උසාවියෙන් විසිවෙයි

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRC) සහ මහජන උපයෝගීතා කොමිසම (PUCSL) විසින් ඉල්ලා සිටි අතුරු නියෝග ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවලට එරෙහිව පවරා තිබූ නඩු දෙකම නිෂ්ප්‍රභ කර ඇත.

    තවදුරටත් අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ නඩු පැවරීමේ පිරිවැය භාණ්ඩාගාරයේ හෝ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අරමුදල්වලින් නොගෙවිය යුතු බවයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපතිවරයාට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව මානව හිමිකම් කොමිසම විසින් අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම ගොනු කර තිබුණි.

    2023 පෙබරවාරි 17 වන දින අවසන් වන අ.පො.ස උසස් පෙළ විභාගය අතරතුර සිසුන් සඳහා අඛණ්ඩ විදුලිය ලබාදීමේ සමථයට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙම අභියාචන පෙත්සම අධිකරණයට ගොනු කර තිබී ඇත.

    විදුලිබල අංශයේ පාර්ශවකරුවන් සහ මානව හිමිකම් කොමිෂන් සභාව අතර පැවති සාකච්ඡාවකදී විභාගය අතරතුර අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබේ.

    කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දිය නොහැකි බව පවසමින් ලංවිම සිය නියමිත විදුලි කප්පාදුව දිගටම කරගෙන ගියේය.

    මෙම තත්ත්වය මත මානව හිමිකම් කොමිෂන් සභාව නීතිමය පියවර ගැනීමට පියවර ගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img