තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකානු ජනපතිගෙන් රනිල්ට විශේෂ පණිවුඩයක්

    අමෙරිකානු ජනපතිගෙන් රනිල්ට විශේෂ පණිවුඩයක්

    ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සඳහන් කරයි.

    75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් එක් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    එම සුබපැතුම් පණිවුඩය එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදි.

    දෙරටේම ජනතාවගේ සාමකාමී, සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය සහ දැක්ම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ද ජෝ බයිඩ්න් මහතා එම පණිවිඩයේ සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් සැමරුම හා සමගාමීව එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සපිරෙන බවත්, මෙම දිගුකාලීන සබඳතාව කලාපීය සහ ගෝලීය වශයෙන් සාමය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාමට ඉවහල් වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

    දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම, මිනිස් ජාවාරම මැඩලීම සහ ආරක්ෂිත නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම ඇතුළු කටයුතුවලදී ඉතිහාසය පුරා දෙරටම ප්‍රබල ගෝලීය අභියෝගවලට මුහුණ දී ඇති බව ජෝ බයිඩ්න් මහතා සිහිපත් කරයි.

    ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වඩා ශක්තිමත් වන්නේ සාමූහිකවය, නිදහස සහ සමානාත්මතාවෙන් බව ද බයිඩ්න් මහතා සිය සුබපැතුම් පණිවිඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img