තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොළඹ ජාතික රෝහලේ උපස්ථායිකාව කුඩු බෙදනකොට අල්ලයි

    කොළඹ ජාතික රෝහලේ උපස්ථායිකාව කුඩු බෙදනකොට අල්ලයි

    මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමකට සම්බන්ධ කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත උපස්ථායිකාවක් මත්කුඩු බෙදාහරිමින් සිටියදී කටුනායක පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලොන්නරුවේ පදිංචිකාරියක් වන මෙම සුළු සේවිකාව සිය අනියම් සැමියා සමඟ කටුනායක පදිංචිව සිටිමින් මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමට සම්බන්ධව සිට ඇති බව පොලීසිය කියයි.

    කාන්තාවන්ගේ මුහුනේ ආලේපකරන ක්‍රීම් වර්ගයක් අඩංගු ඩප්පියක සඟවා ඇය විසින් කටුනායක මල්ගම් හංදියේදී යම් පුද්ගලයෙකුට හෙරොයින් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම ඩප්පියේ සඟවා තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 200ක් තිබී ඇත.

    ඇය මෙම ආලේපන වර්ගය නිවසේ සිට නිෂ්පාදනය කරන බව ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. එහෙත් සැබෑ ලෙස සිදුවන්නේ එම ක්‍රීම් අතර සඟවා මත්ද්‍රව්‍ය බෙදාහැරීම බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. මේ ගැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේද සහය ඇතිව වැඩිදුර විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img