තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගයේ අයදුම්පත් අද සිට කැඳවයි

    සාපෙළ විභාගයේ අයදුම්පත් අද සිට කැඳවයි

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට (2022) පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම අද සිට සිදු කෙරේ.

    එය ලබන 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

    ඒ අනුව සියලුම පාසැල් අයදුම්කරුවන් තම පාසැලේ විදුහල්පතිවරයා මඟින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියයි.

    විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.doenets.lk  හෝ http://www.onlineexams.gov.lk/eis මඟින් ද නිල ජංගම දුරකතන යෙදුමක් වන Exams SRILANKA වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදි අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි.

    අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

    ලබන 28 වනදා දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව මාර්ගගත ප්‍රවේශය වසා තැබෙන අතර කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img