තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ මාසයේ මැදදී කොළඹට එන නැව

    මේ මාසයේ මැදදී කොළඹට එන නැව

    ඉදිරි යල කන්නයේ  වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

    මේ වනවිටත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම්වලට අයත් ගබඩා සතුව යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 30,000ක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේය.

    ඊට අමතරව තවත් මෙටි්‍රක් ටොන් 25,000ක් මිල දී ගැනීමට සැලසුම් කර තිබේ.

    එම යුරියා පොහොර තොගවලට අමතරව තවත් යුරියා මෙට්ට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇත.

    යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වා ගැනීම මගින් යල කන්නයේ වී වගාව, බඩඉරිගු වගාව මෙන්ම අනිකුත් බෝග වගාවන් සදහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම මෙහි අරමුණ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

    මෙම වසරේ යල කන්නයේ දී වී වගාවට අත්‍යවශ්‍ය මඩ පොහොර, බන්ඩි පොහොර  සහ යුරියා පොහොර හිඟයකින් තොරව ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    ඒ අනුව මූලික පොහොර හෙවත් මඬ පොහොර යල කන්නය ආරම්භයේ දීම සියලු වී ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

    මඬ පොහොර මෙට්ට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව මෙම මස මැද දී  කොළඹ වරායට ලඟාවීමට නියමිතයි. 

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img