තවත්
    මුල් පිටුවspecialපාකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් - 47ක් මරුට -176කට තුවාල

    පාකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 47ක් මරුට -176කට තුවාල

    පකිස්ථානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් තවත් 176 දෙනෙකු තුවාල ලබා තිබේ.

    ගොඩනැගිල්ලේ කොටසක් විනාශ වී ඇති අතර නිලධාරීන් පවසන්නේ සුන්බුන් යට මිනිසුන් වැළලී ඇති බවයි. මියගිය පිරිසගෙන් වැඩි දෙනෙක් පොලිස් බලකායේ සමාජිකයින් වන අතර, ඔවුන් ප්‍රහාරයේ ඉලක්කය බවටද විශ්වාස කෙරේ.

    පිපිරීම සිදුවීමත් සමගම පාකිස්තාන වාර්තා සඳහන් කළේ ඉදිරි පේළියේ අසුන්ගෙන සිටි බෝම්බකරුවෙකු සියදිවි හානිකරගෙන ඇති බවයි. කෙසේවෙතත් එය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති අතර කිසිදු කණ්ඩායමක් ප්‍රහාරය පිළිගෙන නොමැති බවයි.

    මේ අතර පෙෂාවර් පොලිස් ප්‍රධානී මුහම්මද් ඉජාස් ඛාන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පිපිරීම සිදුවන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් ප්‍රදේශයේ සිටි බවයි.
    සිද්ධිය සම්බන්ධයෙන් අගමැති ෂෙබාස් ෂරීෆ් එය දැඩි ලෙස හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සිද්ධිය පිටුපස සිටින අයට “ඉස්ලාම් ධර්මයට කිසිදු සම්බන්ධයක් නොමැති” බවයි. පාකිස්ථානයේ ත්‍රස්තවාදී උවදුරට එරෙහිව සමස්ත ජාතියම එකාවන්ව නැගී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img