fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විභාග කාලයේ විදුලි කැපිලි ගැන පැමිණිලි කරන්න PUCSL වෙතින් ඔන්ලයින් පෝරමයක්

    විභාග කාලයේ විදුලි කැපිලි ගැන පැමිණිලි කරන්න PUCSL වෙතින් ඔන්ලයින් පෝරමයක්

    අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17වන දින දක්වා, කාලය තුළ යම් හෙයකින් විදුලි කප්පාදුවකට මුහුණදීමට සිදුවූයේ නම් ඒ පිළිබඳ පැමිණිල්ලක් මෙම ඔන්ලින් පෝරමය පුරවා ඉදිරිපත් කරන ලෙස මහජන ‍උපයෝගීතා කොමිසම දන්වා සිටියි.

    අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන විදුලි කප්පාදු සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී නැති බවත් අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් එම කොමිසම කියයි.

    ඔන්ලයින් පෝරමය මගින් හෝ නැතහොත් පහත ආකාරයකට ඔබගේ පැමිණිල්ල යොමු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් දන්වා සිටී.

    වට්ස්ඇප්: 0775687387
    ඊමේල්: [email protected]
    ෆැක්ස් 0112392641
    ඔන්ලයින් පෝරමය: 👉මෙතැනින්👈

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.