තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අපි ගැසට්ටුවක් ගහන්නේ නෑ" -මැකොස

    “අපි ගැසට්ටුවක් ගහන්නේ නෑ” -මැකොස

    පලාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව මගින් ‘නිකුත් නොකරන’ අතර එවැන්නක් පිළිබඳ කරුණු විමසීම කරුණු වරදවා වටහා ගැනීමක් යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

    පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර ගත් පසුව පිළිගත් නාමයෝජනා ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ලකුණු අංක ආදිය ඇතුළත් ගැසට් නිවේදනයක් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවද ඔහු කීය.

    එමෙන්ම එම ගැසට් නිවේදනය ඒ ඒ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ගේ අත්සනින් යුතුව අද හෙටම නිකුත් කිරීමට නියමිත බවද නිමල් පුංචිහේවා මහතා පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img