තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆවුසි මැතිසබේට - ගැසට්ටුව ඇවිත්

    ෆවුසි මැතිසබේට – ගැසට්ටුව ඇවිත්

    සමඟි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. එච්. එම් ෆවුසි මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

    කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගාරාධිපති ධුර අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම සඳහා මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

    2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ ඒ. එච්. එම් ෆවුසි මහතා ලබා ගත් මනාප සංඛ්‍යාව 48701 කි.

    ඒ අනුව ඒ.එච්.එම් ෆවුසි මහතා මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීධූරයේ දිව්රුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img