තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගම්පොළ බැංකුවක මුදල් තැන්පතු යන්ත්‍රය හොරු උස්සයි

    ගම්පොළ බැංකුවක මුදල් තැන්පතු යන්ත්‍රය හොරු උස්සයි

    ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර පිහිටි කුටියට අද අලුයම කඩා වැදුණු සන්නද්ධ කොල්ල කල්ලියක් බැංකු ආරක්ෂක නිලධාරියාව පුටුවක තබා ගැට ගසා මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයක් පැහැරගෙන ගොස් තිබේ.

    වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත මුහුණු ආවරණයකරගත් මෙම කොල්ල කල්ලිය විනාඩි කිහිපයක් ඇතුලත මෙම කොල්ලය සිදුකර ඇත.

    මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය සොලවා එය සවිකර ඇති ඇණ ගලවා යන්ත්‍රය උස්සාගෙන ගොස් වෑන් රථයේ පටවාගෙන යමින් මෙම කොල්ලය සිදුකර තිබේ.

    මෙම යන්ත්‍රයේ තිබුණු තැන්පතු මුදල් ඊයේ උදෑසන ඉවත්කර ඇත. ඒ අනුව එම යන්ත්‍රය සොරා ගන්නා විට එහි තිබී ඇත්තේ ඊයේ දවස තුළ ගණුදෙනුකරුවන් තැන්පත් කළ මුදල් පමණක් බව විමර්ශන වලින් පෙනී ගිය බව ගම්පොළ පොලීසිය කියයි.

    ආරක්ෂක කැමරා දත්ත විමර්ශනය කරමින් කොල්ලකරුවන් ගමන් කළ වෑන් රථය හඹායමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img