තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාතාලයේ ගිනි අවියක් ඕතේ කැලේ කසිප්පු ස්කාගාරයක

    පාතාලයේ ගිනි අවියක් ඕතේ කැලේ කසිප්පු ස්කාගාරයක

    ඝාතනයට ලක්ව සිටින පාතාල අපරාධකරුට අයත් බව කියන ටී 56 වර්ගයේ ගිනි අවියක් ජා- ඇල ඔතේ කැලේ ප්‍රදේශයේ කෙසෙල් පදුරක් අස්සේ සඟවා තිබියදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායම් විසින් ඊයේ (21) සොයාගෙන තිබේ.

    එම ටී 56 අවිය සොයාගෙන ඇත්තේ පොලිස් සැරයන් සෝමසිරි (14868) ට ලද තොරතුරකට අනුවය.

    මෙම ටී 56 අවිය සොයාගත් ප්‍රදේශය මුතුරාඩජවෙලට අයත් භූමි කොටසකි. මෙම ප්‍රදේශය කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන යන භූමියකි.

    මෙම ගිනි අවියේ අනුක්‍රමික අංකය මකා දමා තිබී ඇතැයි බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img