තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුරුණෑගල නගරාධිපති ඉවත් කරයි

    කුරුණෑගල නගරාධිපති ඉවත් කරයි

    මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන පරිදි පරාජයට පත්වූ අය වැය සම්මත කරගැනීමට කටයුතු කළ බව කියන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කර ඇත.

    නිතිපති උපදෙස් අනුව යමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩගේ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (21) නිකුත් කර තිබේ.

    කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

    ඒ අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022 දෙසැම්බර් 31 වන දින සිට කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කළා යැයි සැලකෙන අතර වහාම බල පැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩුව ඇති බවද අදාළ ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img