තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ජන්දයේ නාමයෝජනා ගැනීම හෙට අවසන්

    පුංචි ජන්දයේ නාමයෝජනා ගැනීම හෙට අවසන්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා නාමයෝජනා භාර ගැනීම හෙට (21) දහවල් 12 ට නිමවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

    රට පුරා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා භාරගැනීම ඉකුත් 18 වැනි දින සිට ආරම්භ කෙරුණි.

    නාමයෝජනා භාර ගැනීමෙන් පසුව හෙට දහවල් 12 සිට පැය එක හමාරක කාලයක් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබාදෙන බවද මැතිවරණ කොමිසම කියයි.

    විරෝධතා කාලය නිම වීමෙන් පසුව මැතිවරණය පැවැත්වෙන දිනය සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

    පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස මැද සෙනසුරාදා දිනයක දී පැවැත්වෙනු සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img