තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට දුරකතනයෙන් තර්ජන

    මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට දුරකතනයෙන් තර්ජන

    මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී.පතිරණ සහ සෙනෙවිරත්න බණ්ඩාර දිවාරත්න යන මහත්වරුන්ට කොමිෂමෙන් ඉවත්වන ලෙසට දුරකතනයෙන් කිසියම් පුද්ගලයෙක් විසින් තර්ජනය කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා විමර්ශනයක් පවත්වන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් එම නිලධාරීන්ට මේ වන විටත් දැනුම් දී ඇත.

    අරගලයේ සන්නද්ධ අංශයේ නායකයා යැයි කියමින් එම ඇමතුම ලබාදුන් පුද්ගලයා පෙනී සිට ඇති බව තර්ජනයට ලත්වූ කොමිසමේ සාමාජිකයන් පොලීසියට පැමිණිලිකර තිබේ.

    මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම් මෙම සාමාජිකයන්ට ලැබී ඇත්තේ ඊයේ ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img