තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද අපේක්ෂකයින්ටත් වැඩිය තෙල් දෙන්න බෑ

    ඡන්ද අපේක්ෂකයින්ටත් වැඩිය තෙල් දෙන්න බෑ

    මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

    පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බව එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේය.

    මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා මෙසේද කීවේය.

    “මේ සාකච්ඡාවේ දී ඒ අය ඉල්ලීම් කළා ඉන්ධන කෝටාව වැඩිකිරීමට. ඒකේ දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොහොතේ දී ඉන්ධන මිලදී ගැනීමට අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් මිලදී ගැනීමට ලංකාවේ මුදල් අවශ්‍ය වෙනවා. අපිට මේ මොහොතේ අවශ්‍ය රුපියල් ටික නැහැ මීට වඩා තෙල් මිලදීගැනීම සඳහා. ඒ හින්දා අපි ඉතාමත් පැහැදිළිවම ඒ ගැන දැනුවත්කළා.”යැයි හෙතම කීවේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img