චීනයේ සාම්ප්‍රදායික වසන්ත උත්සවය උදාවීමට පෙර, ජනාධිපති ෂී ජින්පිං මහතා, බිම් මට්ටමේ නිලධාරීන් හා විවිධ ජන කොටස් වෙත හෘදයංගම සුබ පැතුම් පිරිනමයි. ජනාධිපතිවරයාගේ සුබ පැතුම් දෙසුම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (19) සිදුකෙරිණ.
ජනතාවට නිදුක් නිරෝගීභාවය හා සතුට මෙන්ම ව්‍යාපාරයන්ට සාර්ථකත්වය පැතූ හෙතෙම, රටට සෞභාග්‍යය හා සාමය ද ප්‍රාර්ථනා කළේය.
ෆූ ජියන් පළාතේ ෆූ චෞ නගරයේ සමාජ සුබසාධන ආයතනයේ සිටින වැඩිහිටියන් හා එහි සේවකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ට සුබ පැතීය. ඔවුහු තම නායකයාට සමාචාර දැක්වූහ.
අනතුරුව ෂී ජින්පිං මහතා දුම්රිය සේවකයන්ට සුබ පැතීය. වේදිකාවේ රැඳී සිටි මගීහු රූපවාහිනී තිරයේ දිස්වූ ජනාධිපතිවරයාට ආචාර කළහ.
Wenchuan භූමිකම්පාවෙන් පසු යළිගොඩනැගෙන Sichuan පළාතේ, Shiyi ගම්මානයේ සංචාරක ව්‍යාපාරය නැංවීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා ප්‍රාදේශීය නායකයන් සමග සාකච්ඡා කළේය.
ජනාධිපතිවරයා තම දේශනයෙන් පෙන්වාදුන්නේ, ගෙවී ගිය අසීරු වසරේ විවිධ දුෂ්කරතා හා අභියෝග එක්ව ජයගත හැකිවූ බවයි. නව වසර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ජීවගුණය අනුගමනය කරමින්, එක්සිත්ව වැඩ කර, ඉහළ ජයග්‍රහණ දිනා ගැනීම උදෙසා හෙතෙම ජනතාවට සුබ ප්‍රාර්ථනා කළේය.