තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙළ සිනමාවේ කිවිඳිය දිවි සැරියට සමුදෙයි

    හෙළ සිනමාවේ කිවිඳිය දිවි සැරියට සමුදෙයි

    හෙළ සිනමාවේ කිවිඳිය ලෙස හඳුන්වනු ලැබූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.

    ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳයි.

    සුමිත්‍රා පීරිස් මහත්මිය මෙලොව එළිය දුටුවේ සුමිත්‍රා ගුණවර්ධන නමිනි. ඒ 1935 මාර්තු 24 වෙනිදාය.

    ඇය උපත ලැබුවේ ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී චරිතයක් වන බොරලුගොඩ ගුණවර්ධනයන්ට ඥාතීත්වය දරන පවුලකය.

    ඇයගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) වූ අතර ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිතීඥයෙකු ලෙස කටයුතු කළේය. ඇයගේ මව වූ හැරියට් වික්‍රමසිංහ සාමාන්‍ය මධ්‍යම පාන්තික කාන්තාවක් වූවාය.

    සුමිතා පීරිස් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ විවාහ වුයේ 1964 ජුනි 19 වනදාය.

    ගම්පෙරළිය, දෙලොවක් අතර, බක්මහ දීගේ, අහසින් පොළොවට, ගඟ අද්දර ඇය සංස්කරණය කළ චිත්‍රපටය.

    එමෙන්ම ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, ලොකු දුව, දුවට මවක මිස,සක්මන් මළුව, යහළුවෝ ඇය විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයි.

    වෛෂ්ණාවී ඇය අවසන්වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වේ.

    ඊට අමතරව දෑස නිසා චිත්‍රපටය ඇය විසින් අධ්‍යක්ෂණය කර ඇත.

    අභාවප්ප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ස්වකීය ජීවිතයම සිනමාව වෙනුවෙන් කැප කළ අතර ඇය සරසවිය, ජනාධිපති සම්මාන ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියකින් පිඳුම් ලැබුවාය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img