තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිවරණ වියදම් හෙළිකරන පනතේ දෙවනි විවාදය කල්යයි

    මැතිවරණ වියදම් හෙළිකරන පනතේ දෙවනි විවාදය කල්යයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට තීරණය වී තිබේ.

    මෙම තීරණය ගනු ලැබුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

    එමෙන්ම, අදාළ සංශෝධන සලකා බැලීමෙන් අනතුරුව පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා විවාදයට ගැනීමද කමිටුව විසින් අනුමත කරන ලදී.

    ඒ අනුව පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා අද (18) දිනයේදී විවාදයට ගැනීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img