තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දයේ ඇප බාරගන්න එපා කී ලේකම්ව කැඳවයි

    පුංචි ඡන්දයේ ඇප බාරගන්න එපා කී ලේකම්ව කැඳවයි

    පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම යළි දැනුම්දෙන තෙක් නවතා දමන ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවා ඇති ලිපිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා කැඳවා කරුණු විමසන බව මැතිවරණ කොමිසම පවසයි.

    එහි සභාපති නිමල් ජී. පුංචිහේවා පවසන්නේ සිය කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන තේරීම් භාර නිලධාරීන්ට අධිකරණයට හැර වෙනත් කිසිදු පාර්ශවයකට මැතිවරණය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට නොහැකි බවයි.

    එමෙන්ම නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ එකඟතාවයකින් නොවන බවට පළවන මතයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

    දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවා තිබූ ලිපිය පහතින්.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img