තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බලු කතාවකින් එළියට ආ ආදර්ශා කරඳන අත්අඩංගුවට

    බලු කතාවකින් එළියට ආ ආදර්ශා කරඳන අත්අඩංගුවට

    සිය සුරතල් බලුපැටියා අදාළ කරගනිමින් මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහ මහතාට චෝදනා කළ, ඔහුගේ පෙම්වතිය බව කියන කරදන ගමරාළලාගේ වගීෂා ආදර්ශා අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසිනි.

    මෙම සැකකාරිය විසින් රුපියල් මිලියන 100ක මුදලක් තමාගෙන් බලෙන් ලබාගැනීමට තැත්කරන බවට මහාචාර්ය ආශූ මාරසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කල පැමිණිල්ලකට අනුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    පරිගණක අපරාධ කොට්ඨාශය හමුවේ සිය නීතීඥවරයෙක් සමඟ පැමිණ ඉදිරිපත් වූ ආදර්ශාගෙන් පෙරවරු 11.30 සිට කළ දිර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.

    අනතුරුව සවස 5.40ට පමණ ඇය අත්අඩංගුවට ගෙන ඇත.

    එම මුදල ලබානොදුනහොත් ඇය සතුව ඇති වීඩියෝවක් ප්‍රසිද්ධකරන බවට ඇය විසින් තමාට තර්ජනය කළ බව ආශු මාරසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

    රුපියල් මිලියන 100 ක මුදලක් තර්ජනයකර බිය ගන්වා බලෙන් ලබාගැනීමට තැත්කිරීම සහ අසභ්‍ය ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීම ඇයට එරෙහිව ඇති චෝදනා ය.

    ආදර්ශා කරඳන ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය පෙරේදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රතික්ෂේප කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img