fbpx
තවත්
    මුල් පිටුවspecial'ලොවේ සතුටුම රට' අපට කියන පණිවුඩය..​

    ‘ලොවේ සතුටුම රට’ අපට කියන පණිවුඩය..​

    ලොවේ සතුටෙන්ම සිටින ජනතාවක් සහිත රට ලෙස පුරා පස්වරක්ම ප්‍රමුඛයා වී තිබෙන්නේ ෆින්ලන්තය වේ. ලොවේ රටවල් 151 තුළ කළ සමීක්ෂණයකින් පළකෙරුණු මෙම “World Happiness Index” නම් ලේඛනය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 127 වන ස්ථානයේ ය​.

    ෆින්ලන්තයේ ජනයා මෙලෙස සතුටින් සිටීමට හේතු ලෙස එරට මනෝවිද්‍යා මහාචාර්‍ය වරයෙකු වන ෆ්‍රෑන්ක් මාටලාට (Frank Martela) අනුව ඊට ප්‍රධාන හේතු තුනක් දායක වී තිබේ.

    මේ අතුරින් එක් ප්‍රධාන හේතුවක් ලෙස දක්වා තිබෙන්නේ සොබාදහමේ විටිනාකම කෙරේ දක්වන සැලකිලිමත්භාවයයි.

    නාගරික ගෙවත්තක්

    ෆින්ලන්තය තුල 2021දී කළ සමීක්ෂණයකට අනුව එරට ජනතාවගෙන් 87% සොබාදහම තමන්ට වැදගත් ලෙස දක්වා තිබේ. ඊට හේතු ලෙස ඔවුන් සඳහන් කර තිබෙන්නේ සොබාදහම නිසා තම මනසට සාමකාමී බවක් ලැබීම​(peace of mind), ශක්තිය ලැබීම (energy) සහ ඉහිල්වීම (relaxation) යන කරුනු වේ. ෆින්ලන්තයේ වැසියන්ට ගිම්හාන ඍතුවේ සති හතරක නිවාඩුවක් හිමි වේ. මේ කාලය බොහෝ දෙනා යොදාගන්නේ ස්වභාවික පරිසර තුල කාලය ගත කිරීම සඳහාය​.

    මීට අමතරව ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි ඇතුලු ප්‍රධාන නගරවල පවා හරිත කොටස් ඇති අතර බොහෝදෙනා එවාට යාමද සිදු කරයි.

    ශ්‍රී ලංකාවේ අපටද තවමත් හරිත පරිසරයන් නොඅඩුව පවතී. හිම මිදෙන ශීත ඍතුවක් තබා ඍතු වෙනස්කම් නොමැති අපට වසර පුරාම යා හැකි ස්වභාවික ස්ථාන තිබේ.

    මීට අමතරව ෆින්ලන්තයේ හෙල්සින්කි නගරයේ මෙන්ම අපේ වානිජ අග නගරය වන කොලඹ සහ පරිපාලන අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර පවා තවමත් යම් පමනක හරිත පරිසර ස්ථාන ඉතිරිව තිබේ.මීට අමතරව හරිතස්ථානයන් ලෙස පවත්වා ගෙන යන නාගරික ගෙවතු පවා තිබේ.ඇතමෙකුට ඒ නිසාම අවශ්‍ය වන්නේ නිවසේ හෝ කාර්‍යාලයේ කවුලුවක්කින් පිටත බැලීම පමනකි.

    සිංහරාජ වනාන්තරයේ දර්ශනයක්

    මෙහි සම්ප්‍රයුක්ත අරුත වන්නේ ශ්‍රී ලංකාවේ අප තවමත් හරිත ප්‍රදේශ වලට ආසන්නයේ ජීවත් වන සහ ඒ නිසාම සොබා දහමෙන් ලබා ගත හැකි ප්‍රයෝජනයන් සහ වටිනාකම් පහසුවෙන් ලබා ගත හැකි තරම් වාසනාවන්ත තත්වයක සිටින බවයි.

    එසේ නම්,සොබා දහම සහ පරිසරය දෙස බලා සිටීමට දවසේ සුලු කාලයක් හෝ මිඩංගු කිරීමෙන් සොබා දහමත් සමඟ සබැඳියාවක් ඇතිකර ගැනීම හරහා මානසික සුවය මෙන්ම සතුටත්,යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකුත් ලබා ගැනීම කෙරේ අවධානය යොමු කිරීම යෝග්‍ය වේ.

    මෙහි පලමු ඡායාරූපයෙන් නාගරික ගෙවත්තක්, දෙවැන්නෙන් සිංහරාජ වනාන්තරයේ දර්ශනයක් සහ තුන් වැන්නෙන් නුවරැලිය​-හැටන් මාර්ගයේ දර්ශනයකුත් දැක්වේ.

    ඡායාරූප සියල්ල ගන්නා ලද්දේ මවිසිනි.

    ආචාර්ය ජගත් ගුණවර්ධන

    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය ජගත් ගුණවර්ධන
    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.