තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝඨාභයගේ ගෙදරට යන පාරේදී වූ සිද්ධියකට පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

    ගෝඨාභයගේ ගෙදරට යන පාරේදී වූ සිද්ධියකට පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

    මිරිහාන ජෙස්වෙල් හන්දියේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට ඊයේ (07) අලුයම් කාලයේදී ටී 56 අවියකින් වෙඩි තැබීමට උත්සහගත් පොලිස් කොස්තාපල්වරයාව නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    පොලිස් කොස්තාපල්වරයා සිය ජංගම දුරකතනයේ බැටරි ආරෝපනය කරගැනීමට යැයි කියා අසල මාර්ග බාධක මුරපොලකට ගොස් නිදාගෙන සිටීම ගැන සැරයන්වරයා දොස් නැගීම නිසා උරණ වී ඔහුට වෙඩි තැබීමට උත්සහා දරා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල් ප්‍රියංකර හේරත් (94551) යන නිලධාරියා මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img