තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසාවි බිමේ තිබූණු ටිපර් රථයෙන් ගංජා මතුවේ

    උසාවි බිමේ තිබූණු ටිපර් රථයෙන් ගංජා මතුවේ

    කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණ භාරයේ මාසයකට වැඩි කාලයක් තිස්සේ තිබුණු ටිපර් රථයක තිබී කේරල ගංජා තොගයක් ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    ටිපර් රථයේ රහස් කුටියක සඟවා කේරළ ගංජා කිලෝ 116යි ග්‍රෑම් 768ක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කළේය.

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙන පැමිණි කේරල ගංජා තොගයක් ටිපර් රථයක සඟවා ප්‍රවාහනය කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම ටිපර් රථය පසුගිය නොවැම්බර් 22 වෙනිදා මන්නාරමේදී පරීක්ෂාවකට ලක්ව ඇත. එහිදී මෙම ටිපර් රථයේ තිබී ගංජා කිලෝ 24යි ග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.

    එහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් රියදුරුත් තවත් අයෙකුත් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනා මේ වන විටත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ටිපර් රථය තිබී ඇත්තේ අධිකරණ භාරයේය. එම ටිපර් රථය අධිකරණ භාරයෙන් මුදා ගැනීමට එහි හිමිකරුවන් ලොකු වෙහෙසක් දරා ඇති අතර ඒ ගැන කළ සොයා බැලීමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ එහි රහස් කුටියක ඇති ගංජා විශාල තොගයක් ඇති බැවින් එසේ ටිපර් රථය මුදා ගැනීමට උත්සහ ගන්නා බවය.

    ඒ අනුව ඊයේ අධිකරණ භූමියේදීම එම ටිපර් රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව කළ පරීක්ෂාවේදී ටිපර් රථයේ රහස් කුටියක තිබී මෙම ගංජා තොගය සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img