තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝහල් වැසිකිලියේ ප්‍රසූති කළ බිළිදාගේ සිරුර සහෝදරියගේ වැසිකිලි වලකින් මතුවේ

    රෝහල් වැසිකිලියේ ප්‍රසූති කළ බිළිදාගේ සිරුර සහෝදරියගේ වැසිකිලි වලකින් මතුවේ

    උදරයේ ආබාධයක් ඇතැයි කියා ප්‍රතිකාර ගැනීමට තෙරිපැහැ රෝහල්ට පැමිණි අවිවහාක තරුණියක් රෝහල් වැසිකිලියේ දී බිළිදෙකුව ඊයේ ප්‍රසූතිකර ඇත.

    ඒ ගැන කිසිවක් වෛද්‍යවරුන්ට නොකියා එම තරුණිය බිළිදාව රැගෙන රෝහලින් හොර රහසේ පිටව ගොස් සිය සහෝදරියගේ නිවසසේ වැසිකිලි වලට බිළිදාව දමා තිබේ.

    මේ ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ඇය බිළිදා ප්‍රසූති කල වැසිකිලියේ ලේ වැහිරී තිබෙනු දුටු කාන්තාවක් ඒ බව වෛද්‍යවරුන්ට පැවසීමත් සමගිනි.

    වෛද්‍යවරු විසින් එම ලේපැල්ලම් පරීක්ෂා කිරීමේදී ඇතිවුණු සැකයක් මත පවුල් සෞඛ්‍ය නිලධාරිනියක්ව එම කාන්තාව පදිංචිව සිටි නිවසට පිටත්කර යවා තිබේ. ඇය පදිංචිව සිට ඇත්තේ සහෝදරියගේ නිවසේය. පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් කළ පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ රෝහල් වැසිකිලියේදී ප්‍රසූතිකල බිළිදාව ඇය විසින් සිය සහෝදරියගේ නිවසේ වැසිකිලිවලට දමා ඇති බවය.

    ඒ ගැන තෙරිපැහැ පොලීසියට දැනුම්දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ බිළිදු මළ සිරුර වැසිකිලිවලෙන් ගොඩගෙන ඇත. මේ වන විට ඇය නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img