තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේ මුල් මාස කීපයේදී එක ප්‍රශ්නයක් ඉවරයි

    මේ වසරේ මුල් මාස කීපයේදී එක ප්‍රශ්නයක් ඉවරයි

    මෙම වසරේ පළමු කාර්තුව වනවිට ඖෂධ හිඟය හේතුවෙන් රටේ මතුව ඇති ගැටලු නිරාකරණය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මේ වසර සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල මුදලක් වෙන්කර ඇති අතර ඉන්දියානු ණය ආධාර මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් රටේ ඖෂධ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඖෂධ හිඟයෙන් දේශපාලන වාසි ලබාගැනීමට සිටින පිරිස් විසින් ඖෂධ ආනයනකරුවන් අධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

    රජය ඖෂධ සමාගම්වලට රුපියල් බිලියන 15ක්ද, රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 16ක්ද ඇතුළුව බිලියන 52ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය ණය ගෙවීමට ඇති බව එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img