fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2023 උදාවූ නව වසර සැමරූ ලෝකයෝ..

    2023 උදාවූ නව වසර සැමරූ ලෝකයෝ..

    2023 නව වසර උදාවන අවස්ථාවේ දී කොළඹ නගරයේ ගාලු මුව‍දොර පිටියට අති විශාල පිරිසක් රැස්ව නව වසරේ උදාව සැමරූහ.

    රටපුරා ජනතාව මෙන්ම ලෝකය පුරා ජනතාව ද මෙවර නව වසරේ උදාව සැමරූයේ, කොවිඩ් වසංගතය හේතුවෙන් සීමාවෙමින් සිටි ජනතාවට තෙවසරක පමණ කාලයකට පසු නිදහසේ හුස්ම ගැනීමට සැලැස්වූ නව වසරක් ලෙසයි.

    කෙසේවෙතත් භූගෝලීය වෙනස්කම් මත සකසන ලද වේලාවන්වල පවතින වෙනස්කම් හේතුවෙන් මුළුමහත් ලොවටම එකම මොහොතක නව වසර උදාවන්නේ නැත.

    ඒ අනුව 2023 නව වසර ලෝකයේ මුලින්ම උදාවූයේ ඕෂනියා කලාපයට අයත් කිරිබාටි, සැම‍ෝවා ආදි කුඩා පැසිෆික් දූපත්වලට ය. කිරිබාටි යනු නව වසර මුලින්ම පිළිගන්නා පළමු ජනාවාසගත රට යනුවෙන් ද පැවසිය හැකි ය.

    එම දූපත්වාසීන්ට නව වසර ලැබුවේ ඉන්දීය වේලාවෙන් ඊයේ එනම්, දෙසැම්බර් 31 වැනිදා පස්වරු 3.30ට පමණ ය.

    අවසානයට ලෝකයේ නව වසර උදාවන්නේ අමෙරිකාව ආසන්නයේ පිහිටි හෝව්ලන්ඩ් සහ බේකර් දූපත් යන ජනාවාස නොමැති රටවල් ය. ඒ ඉන්දීය වේලාවෙන් අද (01) පස්වරු 5.30 පමණ වන විට ය.

    කොළඹ, ශ්‍රී ලංකාව
    සිඩ්නි, ඕස්ට්‍රේලියාව
    ඕක්ලන්ඩ්
    සියෝල්, දකුණු කොරියාව
    ටෝකියෝ, ජපානය
    හොංකොං, චීනය
    තායිලන්තය
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.