තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව නාවික හමුදාපති හා ගුවන් හමුදාධිපති අතර ප්‍රථම නිල හමුව

    නව නාවික හමුදාපති හා ගුවන් හමුදාධිපති අතර ප්‍රථම නිල හමුව

    නව නාවික හමුදාධිපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා මහතා නාවික හමුදාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව, පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත වී තිබේ.

    එහිදි නව නාවික හමුදාධිපති තුමන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා අතර නිළ හමුව ඊයේ දින (28) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදූවිය.

    එහිදී නව නාවික හමුදාධිපති තුමන්, ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් සුරේෂ් ප්‍රනාන්දු නිලධාරි තුමන් විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් නව නාවික හමුදාධිපති තුමන් වෙත ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.

    අනතුරුව ගුවන් හමුදාධිපති තුමන් හා නව නාවික හමුදාධිපතුමන්ගේ නිළ හමුව සිදු වු අතර එහිදි නාවික හමුදාපති ධුරයට පත්විම පිළිබද නව නාවික හමුදාධිපති තුමන් වෙත ගුවන් හමුදාධිපති තුමන් විසින් සුභපැතුමි එක් කල අතර ඒකාබද්ධ සමුද්‍රිය නිරික්ෂණ මෙහෙයුමි, ගුවන් හා නාවික ඒකාබද්ධ පුහුණු අභ්‍යාස සිදු කිරිම පිළිබදව මෙහිදි සාකචිජා කරන ලදි.

    දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුවමාරු කරගත් අතර නාවික හමුදාධිපති තුමන් විසින් සමරු සටහනක් තැබීමද සිදු විය.

    මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගී විය.


    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img