තවත්
    මුල් පිටුවspecialඇමරිකාවට එන චීන සංචාරකයින්ට කොවිඩ් පරීක්ෂණ අනිවර්යයි

    ඇමරිකාවට එන චීන සංචාරකයින්ට කොවිඩ් පරීක්ෂණ අනිවර්යයි

    ඇමරිකා එක්සත් ජනපදය විසින් එරටට පැමිණෙන සියලුම චීන ජාතිකයින් කොරෝනා පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව එළැඹෙන ජනවාරි 5 වැනිදා සිට එක්සත් ජනපදයට චීනයේ සිට පැමිණෙන සියලුම මගීන් කොරෝනා පරීක්ෂාවකට ලක්කිරීමටත් එහිදී තීරණය කරනු ලැබ තිබේ.

    එක්සත් ජනපද නිලධාරීන් වාර්තාකරුවන්ට පැවසුවේ වයස අවුරුදු 2 සහ ඊට වැඩි සියලුම ගුවන් මගීන්ට චීනය, හොංකොං හෝ මැකාවෝ වෙතින් පිටත් වීමට දින දෙකකට පෙර කොරෝනා පරීක්ෂණයකින් වෛරසය වැලදී නොමැති බව සනාථ කරන සහතිකයක් ලබා ගැනීම අවශ්‍ය වන බවයි.
    මේ අතර යම් මගියෙකු ගුවන් යානයට ගොඩවීමට දින 10 කට වඩා පෙර කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වී ඇත්තම් ඔහුට හෝ ඇයට තමන් සුව අතට පත්වී ඇති බවට සනාථ කරන වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම ප්‍රමණවත් බව ෆෙඩරල් නිලධාරීන් පැවසීය.

    චීන තුල මේ දින වල කොරෝනා ආසාදිතයින්ගෙ සීඝ්‍ර ඉහළයාමක් වාර්තාවීමත් සමග එක්සත් ජනපදය විසින් මෙම නව සංචරණ සීමා පැනවීමට තීරණය කළ බවද ෆෙඩරල් නිලධාරීන් පෙන්වා දෙනු ලැබීය.

    එක්සත් ජනදයට අතිරේකව ඉන්දියාව, ඉතාලිය, ජපානය, තායිවානයද මෙලෙස චීනයේ සිට පැමිණෙන මගීන් කොරෝනා පරීක්ෂාවකට ලක්කිරීමට පියවරගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img