fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිල නොගෙව්වත් විදුලිය විසන්ධි කරන්න එවන්නේ නෑ

    බිල නොගෙව්වත් විදුලිය විසන්ධි කරන්න එවන්නේ නෑ

    ලබන මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගත්හොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වලට විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිය සේවකයන් නොයනවන බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසයි.

    ඔහු සඳහන් කරන්නේ විදුලි ගාස්තු ඉහළ දමා තිබියදී විදුලි සේවයන් විදුලි සැපයුම විසන්ධි කිරීමට ගියහොත් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වියහැකි බවයි.

    එසේ වුවහොත් විදුලි සේවකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වන බවත් ජයලාල් මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

    ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රකාශයක් කර තිබුණි.

    රන්ජන් ජයලාල් මහතා අද (28) මේ බව සඳහන් කර තිබුණේ ඊට ප්‍රතිචාරයක් ලෙසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. විදේශ ආදාර සහ විදේශ ණය IMF එතුල සියලුම ආදාර නිසි කළමනාකරණය නෙතුව හොරකම් කරලා! බර අහිංසක මිනිස්සුන්ට පටවන්න නෙතුව. රනිල්ට අවවාද කරන්න අනිත් සියලුදෙනාටම නඩු දාන්න. නීතියේ ඉඩ තියෙනවා නම් හොරුන්ට කඩේයන රනිල් වත් ගන්න උසාවියට.

    Leave a Reply to Perumal GnanapragasomCancel reply