තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෝදිගේ මව රෝහල්ගත කරයි

    මෝදිගේ මව රෝහල්ගත කරයි

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් මෝදි රෝගාතුරුව රෝහල් ගත කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මේවන විට සියවැනි වියේ පසුවන ඉන්දීය අග්‍රාමත්‍යවරයාගේ මව අහමදාබාද් හී රෝහලක් වෙත හදිසි ඇති රෝගාබාද තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවට ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව ඇය අහමදාබාද්හි යූඒන මේතා හෘද රෝග හා පර්යේෂණ මධ්‍යස්ථානය වෙත ඇතුලත් කර ඇත.

    කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය මේවන විට බරපත නොවන බවට වාර්තාවන අතර ඇගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යොදවා ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    අග්‍රාමත්‍යවරයාගේ මව රෝගාතුරු වූ බවට වාර්තා වීමත් සමග විශාල පිරිසක් ඇය ප්‍රතිකාර ලබන රෝහල ඉදිරිපිටට රැස්ව ඇති බවද වාර්තා වන අතරම තවත් විශාල පිරිසක් ඇයට ඉක්මන් සුවය පතා ආගමික වතාවත් වලද යෙදෙන බවට අනාවරණය වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img