තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට කතුන් ගැන හඬ නැගූ ඩුබායි සුද්දාට වෙච්ච දෙයක්

    රට කතුන් ගැන හඬ නැගූ ඩුබායි සුද්දාට වෙච්ච දෙයක්

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව විදෙස් රැකියාවන් සඳහා පුද්ගලයින් විදෙස්ගත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුදාදා නැමැති අයව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත කඩුවෙල මහේස්ත්‍රාත් ශ්‍යාමිනී විජේබණ්ඩාර මහත්මිය විසින් අද මුදා හැරියාය.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය විසින් ඩුබායි සුද්දාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුවය.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය හමුවට කැදවා ප්‍රකාශයක් සටහන්කර ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    සංචාරක වීසා මගින් ඕමානය ඇතුළු මැද පෙරදිග රටවලට කතුන් රැගෙන ගොස් විවිධ අතවරයන්ට ලක්වන බවට පසුගිය දිනවල වැඩි හඩක් නැගුවේ ඩුබායි සුද්දාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img