fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමෘද්ධි - මහජන ආධාර ලබාදීම පමාවීමේ අවදානමක්

    සමෘද්ධි – මහජන ආධාර ලබාදීම පමාවීමේ අවදානමක්

    රාජ්‍ය නිලධාරින් සහය නොදැක්වීම නිසා සමෘද්ධි සහ මහජන ආධාර ලබාදීම ලබන වසරේ දී පමාවීමේ අවදානමක් ඇතැයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා කීය.

    ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ වැරදි වැටහීමකින් බවද ඔවුන් සඳහන් කළේ ය.

    සුබසාධන දිමනා ලබා දීමේ වැඩසටහන ප්‍රතික්ෂේප කිරීමට හෝ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන ඉන් ඉවත්ව සිටීමට හෝ රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නැතැයි ද සභාපතිවරයා කීය.

    සුභසාධන ප්‍රතිලාභ පනත ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇති හෙයින් එය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් බැඳෙන බවද ඔහු සඳහන් කළේය.

    සුභසාධන ප්‍රතිලාභ පනතේ 20 වෙනි වගන්තිය මගින් වැරදි සහ අසත්‍ය තොරතුරු සපයන තැනැත්තන්ට දඩුවම් නියම කර තිබෙන බවද රාජ්‍ය නිලධාරීන් එම වගන්තිය මගහැර 21 සහ 22 වගන්තිය පමණක් හුවා දැක්වීම නුසුදුසු බවද විජේරත්න මහතා කීය.

    කවර හෝ ලිඛිත නීතියක දඬුවමක් ලෙස පිළිගනු ලැබූ කවර හෝ දඬුවමකට කවර හෝ තැනැත්තකු අධිකරණයක් මගින් යටත් කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් නොවන බව ද බවද විජේරත්න මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. විජේරත්න මහතාගේ දැනගැනීමට ලබන වසරගෙ ඉතන්න කලින් මේ වසරට දීලා නැහැ. ඉතරි කිරීම් සහ නොයෙකුත් දේවල් කියමින් මදල් රෝල් කරනවා නෙත් නම් හොරකරම් කරනවා. රතු කරුස්සු සංගමය රොටරි සමාජ සේවකයන් උඟක් දෙනෙක් පඩි නෙතුව වැඩකරනවා. රජයෙන් දීප්පු මුදල් අරියාකරව බෙදා දෙන්න නෙතුව පඩි අරගෙන විසාල රජය සේවකයන් ඉන්නවා ඔයා එතුලු. සේම දිස්ත්‍රික් වල හොයලා බලන්න කරන්න බැරිනම් පුලුවන් අයට දීලා අයිංවෙන්න.
      උප්පත් ජනතාවගේ රුධිරය බොන්න එපා අනිත් අයටත් ඉඩදෙන්න එපා.

    Leave a Reply to Perumal GnanapragasomCancel reply