තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිළිණි ප්‍රියමාලි යයි

    තිළිණි ප්‍රියමාලි යයි

    තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි අද(27) පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.

    ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි. ඇය විසින් ඇප කොන්දේසි සපුරන ලද නඩු සංඛ්‍යාව 08කි.

    එක් නඩුවකට රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප 08ක් සහ රුපියල් මිලියන 10 බැගින් වන ශරීර ඇප 20ක් තබන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

    ඇය රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියාය.

    අදාළ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී අවස්ථා දෙකක දී නීතිවිරෝධී ලෙස ජංගම දූරකතන තබාගැනීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img