තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැලි - පස් ප්‍රවාහනයේදී හොර පාරෙන් ගිහින් ඉවරයි

    වැලි – පස් ප්‍රවාහනයේදී හොර පාරෙන් ගිහින් ඉවරයි

    වැලි, පස්, බොරලු, මැටි ආදි සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා නිකුත් කරන බලපත්‍රවල අදාළ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මාර්ගය සහ ගමනාන්තයට අදාළ පොලිස් බලප්‍රදේශය සඳහන් කිරීමට පියවර ගැනේ.

    ඒ අනුව 2023 ජනවාරි මස 02 සිට මෙය ක්‍රියාත්මක බව භු විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති ආර්. සංජීපන් මහතා පවසයි.

    වැලි ප්‍රවාහන සඳහා නිකුත් කරන බලපත්‍ර අනිසි ආකාරයෙන් භාවිත කිරීම සහ එයින් සිදුකරන දූෂණය වැළැක්‌වීම සඳහා මෙම ක්‍රියාවලිය සිදුකරන බව සභාපතිවරයා සඳහන් කරයි.

    පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img