තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිපෝෂ හදන්න බඩ ඉරිඟු හොයාගන්න නෑ

    ත්‍රිපෝෂ හදන්න බඩ ඉරිඟු හොයාගන්න නෑ

    මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මකභාවයෙන් යුත් බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එහි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ, ඒ සඳහා ලෝක ආහාර සංවිධානය හරහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

    දිස්ත්‍රික්ක මට්ටමින් හඳුනාගත් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රජයේ ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කර තිබේ.

    තවද පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනක්  දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද ,පෝෂණ කමිටු බිහි කිරීමටද විශේෂ අවධානයත් යොමුව තිබේ. 

    ග්‍රාමීය, පළාත් හා  දිස්ත්‍රික්ක මට්ටමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙමගින්  ආහාර සුරක්ෂිතතාවය අපේක්ෂා කරන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img