තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සොකෝ ඕ.අයි.සී.ට සාජන්ගෙන් ප්‍රහාරයක්

    සොකෝ ඕ.අයි.සී.ට සාජන්ගෙන් ප්‍රහාරයක්

    හලාවත කොට්ඨාශ අපරාධ ස්ථාන පරික්ෂණාගාර ස්ථානාධිපතිවරයාට එම පරීක්ෂණාගාරයේම සේවයේ නිරතව සිටින සැරයන්වරයෙක් විසින් ඊයේ පහරදී තිබේ.

    සැරයන්වරයා ස්ථානමාරුවීමක් ලබාගැනීමට සකස්කළ අභියාචනයක් නිර්දේශ කරගැනීමට අදාලව ස්ථානාධිපතිවරයාව මුණ ගැසුණු අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවුණු බහින්බස් වීමකින් අනතුරුව සැරයන්වරයා විසින් ස්ථානාධිපතිවරයාගේ මුහුණට ප්‍රහාරයක් එල්ලකර ඇති බව ‍ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලය විසින් සඳහන් කරයි.

    එහිදී පොලිස් සැරයන්වරයාව ස්ථානාධිපතිවරයා විසින් තල්ලුකර ඇති බවත් දෙදෙනාම එකිනෙකාට එරෙහිව පොලීසියට පැමිණිලි ඉදිරිපත්කර ඇති බවත් සහකාර පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

    මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් මේ වන විට ආරම්භකර තිබේ.

    Photo – File photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img